බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලට ‍රජයෙන් තෑග්ගක්

Report

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 231ක් වෙනුවෙන් සුහුරු පුවරු (smart board) 231ක් සංකේතාත්මකව බෙදාදීම හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දි සිදුව තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනයක් සඳහා 2025 වසර අවසන් වන විට සෑම ද්විතීයික පාසලකටම අවම ලෙස එක් ඩිජිටල් පුවරුවක් සහ එක් ක්‍රියාකාරී පරිගණකයක් බැගින් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා පළාත් 09 වෙත රුපියල් මිලියන 1640.75 ක් වෙන් කර තිබෙන බව සඳහන්.

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

එසේම මේ වන විට සියලුම පළාත් විසින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

එබැවින් සුහුරු පුවරු (Smart boards) – 2584ක් මිලදී ගෙන ඇති අතර ඒ අතුරින් මිලියන 152 ක වටිනාකමින් යුතු Smart Board 363ක් ඌව පළාත සඳහා වෙන් කර තිබෙනවා.

මේ අතර මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණඩුකාර කපිල ජයසේකර මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා, හාලිඇල ප්‍රාදේශිය සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්තුමන්, ඌව පලාත් අධ්‍යාපන ලේකම්තුමන් ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ නිලධාරී මහත්ම මහත්මීන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වී සිටි බව වාර්තා වේ.

සා/පෙළ විභාගෙට තවත් කරදරයක් - විභාගය මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කරන විශේෂ දෙයක් ගැන දැනුම්දෙයි

සා/පෙළ විභාගෙට තවත් කරදරයක් - විභාගය මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කරන විශේෂ දෙයක් ගැන දැනුම්දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි