ආයේ බීලා වාහනේ අතට ගත්තොත් වැඩ වරදියි - රිපෝර්ට් එක විනාඩි 2න්

Report

අද (21) සිට මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය ධාවනයට යෙදෙන රියදුරන් හඳුනා ගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කිරීම සඳහා ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ සේවාව (Mobile Lab) ආරම්භ කර ඇත.

මෙම සේවාව නිල වශයෙන් කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොල අංගනයේදී ආරම්භ කෙරිණි. ජංගම රසායනාගාරය මගින් දැනට මත්ද්‍රව්‍ය වර්ග 4ක් පිළිබඳ වාර්තා විනාඩි 2–3 ක කාලයකින් ලබාගත හැකි අතර, ඉදිරියේදී මත්ද්‍රව්‍ය 12ක් හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා වේ.

රියදුරන්, මගී ජීවිත, පදිකයින් සහ දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින්, රජය ආරම්භ කළ මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ එක් ප්‍රමුඛ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වේ.

මෙම පරීක්ෂණ සේවාව ජාතික ගමනාගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය එකගව ක්‍රියාත්මක කරයි.

අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්

අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්

එහිදී රියදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කර, මෙම ප්‍රතිඵල එම අවස්ථාවේම සටහන් සහිතව ලබා දෙනු ලබයි. මෙම සේවාව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ආරම්භ වූවත්, ඉදිරියේදී දිවයිනේ සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වසරකට රටේ රථවාහන අනතුරුවලින් මිනිස් ජීවිත 2,500 කට අධික සංඛ්‍යාවක් විනාශ වීම, හා සුවිශේෂි දේපළ හානියක් සිදුවීමේ ප්‍රධාන හේතුවක් වන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයයි.

මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් එම අවදානම අවම කර, කාර්යක්ෂම, ආරක්ෂිත හා විධිමත් ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට උපකාරී වනු ඇති බවට අපේක්ෂා කරයි.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික