මන්ත්‍රීවරයෙක් තම අක්කාට පහර දේ..බරපතළ තුවාල ලැබූ අක්කා රෝහලේ

Beruwala Payagala Viharakandha Nagoda Hospital Sham Rajendra Sandharuwan
By Sithumi Oct 10, 2021 12:48 PM GMT
Sithumi

Sithumi

Report

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවකට සිය නිවස අසලදී බේරුවල ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරයෙකු පහරදී යතුරුපැදියෙන් හප්පා තුවාල සිදු ඇතැයි එම තරුණිය පයාගල පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වන බව පයාගල පොලීසිය කියයි .

එම සිද්ධියට මුහුණ දුන් තරුණිය පයාගල පොලිසියට පැමිණිලි කර කළුතර නාගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව කියයි . සිද්ධියට සම්බන්ධ සැකකරු වනුයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ශාම් රාජෙන්ද්‍ර සඳරුවන් (36)නැමැත්තා බව ත් එම සිද්ධියෙ තුවාල කාරි ය වනුයේ එම මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොයුරිය බවත් එම තරුණියට අයත් මහගෙදර දේපලක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිකරගෙන තිබෙන සිද්ධියක් බවත් පොලීසිය කියයි.

තුවාල ලැබූ තරුණිය යට දෙමාපියන් මේ වන විටත් පදිංචි නිවසේ කොටසක් නීත්‍යානුකූලව ලියා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් හේතුවෙන් ඉකුත් පෙරවාරි මාසයේ සිට පයාගල පොලිසියට අවස්ථා කීපයක දී පැමිණිලිකර තිබෙන බවත් එතැන් සිට විටින් විට ආරවුල් ඇතිකර තමන්ට පහර දී මරණ තර්ජනය කර නිවසට පැමිණීමට ඉඩ නොදෙන බවත් මෙසේ මෙම ආකාරයෙන් දිගින් දිගටම කරදර කරන්නේ තම සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බව ඉදිරිපොලගෙ චාමිනී තක්ෂිලා සඳලි (40)මෙනවිය කියයි .

මේ සම්බන්ධයෙන් කළුතර නාගොඩ රෝහලේ පොලිසියද ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඇය සඳහන් කරයි . මේ හේතුවෙන් රෝගාතුරව සිටින තම දෙමාපියන් දෙපළ ද රැකබලා ගැනීමට ද නොහැකි වී ඇතැයි ද තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ද තරුණියක් වන ඇය සඳහන් කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now