පා.මන්ත්‍රී අර්ච්චුනාට මරණ තර්ජන - පොලීසිය පක්ෂ කාර්යාලයට ගිහින් බලද්දි කවුරුත් නෑ

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතාට ජංගම දුරකථනවලින් අමතා වලිකාමම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කීප දෙනකු මරණීය තර්ජන කළ බව පවසමින් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

ඒ අනුව පොලිසිය සඳහන් කළේ මන්ත්‍රීවරයා මල්ලාකම්, කන්නසන්තරය පාර අංක 80/17 ලිපිනයේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යනු ලබන අතර මන්ත්‍රීවරයා හෝ ඥාතික හෝ පිටස්තර කිසිවෙකු එම ස්ථානයේ පදිංචි නොමැති බවත් මන්ත්‍රීවරයා මිසාලේ උතුර, කොඩි කාමම් ප්‍රදේශයේ ස්ථිර පදිංචිව ඇති බවයි. මේ හේතුවෙන් එම කාර්යාලයට පොලිස් ආරක්ෂාවද ලබා දී තිබෙනවා.

ඉකුත් 24 වන දින මන්ත්‍රීවරයාට දුරකථන අංක දෙකකින් ඇමතුම් ගෙන මරණ තර්ජන සිදුකරන බවට 119 ඇමතුම් මධ්‍යස්ථානය මඟින් තෙලිප්පලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන පණිවිඩයක් මඟින් ඔහු දැනුම් දී ඇත.

මහනායක හිමිවරු ගැන බොරු කිව්වට අර්චුනා සමාව ඉල්ලයි

මහනායක හිමිවරු ගැන බොරු කිව්වට අර්චුනා සමාව ඉල්ලයි

ඒ අනුව එම පණිවිඩය අනුව ස්ථානාධිපතිවරයා මල්ලාකම්, කන්කසන්තරය පාර පක්ෂ කාර්යාලයට ගොස් පරික්ෂා කිරීමේදී කිසිවෙක් එහි නොසිටි බැවින් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතුමක් ගෙන විමසීමේදී ඔහු කොළඹ සිට යාපනයට පැමිණෙමින් සිටින බවත් පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවත් ප්‍රකාශ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කියා ඇත.

ඒ අනුව පොලිසියට පැමිණි මන්ත්‍රීවරයා, වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ නම් සහ විස්තර හා තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඇමතුම් ලබාගෙන තමාට මරණ තර්ජනය කළ බවට ප්‍රකාශයක් ලබා දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.

මන්ත්‍රීවරියකට ලිංගික අතවර කරලා - සැකකරුගෙ නීතිඥයාගෙන් උසාවියට වෙනස්ම හෙළිදරව්වක්

මන්ත්‍රීවරියකට ලිංගික අතවර කරලා - සැකකරුගෙ නීතිඥයාගෙන් උසාවියට වෙනස්ම හෙළිදරව්වක්

දේශපාලන ලොක්කෙක් වෙඩි තබා මරපු සිද්ධියක සැකකරුවෙකු අත්අඩංගුවට

දේශපාලන ලොක්කෙක් වෙඩි තබා මරපු සිද්ධියක සැකකරුවෙකු අත්අඩංගුවට