හෙට රට පුරා විශේෂ ආරක්ෂාවක් - කොළඹට එන අයටත් පොලීසියෙන් දැනුම්දීමක්

Report

හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර තිබෙන අතර, ඒ වෙනුවෙන් කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා ඇති බව දන්වයි.

ඒ අනුව අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

කොළඹ මැයි රැලි නෑ - ටිල්වින් රටටම හේතුව පහදයි

කොළඹ මැයි රැලි නෑ - ටිල්වින් රටටම හේතුව පහදයි

එබැවින් මෙසේ පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමි ආකාරයට පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා ඇත.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්ති සංවිධානවලට අයත් රැලි හා පෙලපාළි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම පහත පරිදි දක්වා ඇත.  

රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

තෙල් ප්‍රශ්ණේ ඉවරයි - පෙට්‍රල් තොගයක් සමග නැවක් ලංකාවට

තෙල් ප්‍රශ්ණේ ඉවරයි - පෙට්‍රල් තොගයක් සමග නැවක් ලංකාවට

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery