ටිපර් රථයේ ගැටුනු පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට(VIDEO)
ACCIDENT
TIPPER
MATARA
MIRISSA
UDUPILA
By Sewvandhi
මාතර ,මිරිස්ස උඩුපිල ප්‍රදේශයේදී අද (25) උදෑසන ටිපර් රථයක් පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂය පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්ස, තල්අබර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ ටිපර් රථය උඩුපිල ප්‍රදේශයේදී පාපැදිකරු ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ටිපර් රථයේ රියදුරු සොයා වැලිගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.