අදත් ප්‍රදේශ රැසකට මි.මී.200ට වැඩි තද වැසි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහි අගය මි.මී. 315ක් බවයි ඊයේ (27) පෙ.ව. 8.30 සිට අද (28) අලුයම 4.30 දක්වා වූ කාලය තුළ වාර්තා වූ වර්ෂාපන අගයන් සැලකිල්ලට ගෙන මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.
තවද එහි සදහන් වෙන්නේ පරිදි මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී ඇති බවයි. එවගේම තෙවන ඉහළම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරින් වාර්තා වී ඇති අත එහි අගය මී.මී. 223.9ක් ලෙස වාර්තා වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඒ අනුව දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව සදහන් කර ඇත.