ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථය එකවරම ගිනි අරන්

fire burn mannarama uppukulama threeweel
By Sewvandhi May 17, 2021 12:47 AM GMT
Report

මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

ත්‍රී රෝද රථය ධාවනය වන අතර එයින් දුම් පිටවීම හේතුවෙන් රියදුරු ත්‍රී රෝද රථය නවතා වහාම ඉන් පිටතට දිව ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ත්‍රී රෝද රථයේ ගින්න වැඩි වී ඇත.

පසුව අසල්වාසීන් විසින් ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනි ගෙන තිබුනු අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now