මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි පහරක් - කටුනායකදී කෝටි 8ක කුෂ් සමග අයෙක් අත්අඩංගුවට

Report

ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලංකාවට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (25) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කොළඹ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන බව අනාවරණය වී තිබේ. ඔහු අද අලුයම ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී මෙම වැටලීම සිදු කර ඇත.

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?

සැකකරු සන්තකයේ තිබූ ගමන් මලු දෙකක පාර්සල් 8ක අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක තොගයක් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන පරිදි, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 8කට ආසන්න වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම කටුනායක ගුවන් තොටුපළ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා බලධාරීන් විසින් දියත් කරන තීව්‍ර නිරීක්ෂණ ක්‍රියාවලියක කොටසක් ලෙස සැලකේ.

විගණකාධිපතිවරයකු නැති හින්දා කෝප්, කෝපා වැඩ සම්පූර්ණයෙන්ම කොට උඩ

විගණකාධිපතිවරයකු නැති හින්දා කෝප්, කෝපා වැඩ සම්පූර්ණයෙන්ම කොට උඩ