කටුනායකදී කුෂ් සහ හෂීෂ් සමග තිදෙනෙක් අල්ලයි
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු 05ක් තුළ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් (පැකැට් 10) සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක් (පැකැට් 18ක්) සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්අද (25) අලුයම 04.00 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවාවේ ඕ.වී.-437 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක් සහ පෙදරේරුවෙකි. තෙවන පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට පියවර ගෙන ඇත.