ප්‍රසිද්ධ දේශපාලන චරිත ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කෙරූ පුද්ගලයකු මාට්ටු

Report

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙනෙත්ති, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් වන චතුර අල්විස් සහ හසිත විජේවර්ධන වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ලෙස පෙනී සිටිමින්, රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින්, ඊයේ (20) රාත්‍රියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

දියාගෝ ගාර්ෂියා නාවික කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්?

දියාගෝ ගාර්ෂියා නාවික කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්?

සැකකරු ෆේස්බුක්, වට්ස්ඇප් සහ අනෙකුත් සමාජ මාධ්‍ය මාර්ග භාවිතා කරමින් තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බව අඟවමින් මෙම වංචාව සිදු කළ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

ඉන්ධන දීම නවතයි - බවුසර් ආපසු හරවා යවයි

ඉන්ධන දීම නවතයි - බවුසර් ආපසු හරවා යවයි