නීතිවිරෝධි ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් නීති විරෝධී අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (02) පෙරවරුවේ, සැකකරු ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ-1183 යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම පුද්ගලයා මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
රේගු නිලධාරීන් පිරිසක් සැකකරුගේ සිරුරේ සහ ගමන් මලුවේ සඟවා තිබූ විදේශ මුදල් හා වටිනා දේපොළ සොයාගෙන ඇත.
ඒ අතර යූරෝ 48,900ක්, ඇමරිකානු ඩොලර් 14,000ක් සහ ඉන්දියානු රුපියල් 26,650ක් ඇතුළත් වන අතර, මෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 224,747,000 ක් (දෙකෝටි විසි හතර ලක්ෂ අනූ දහස් හතසිය හතලිස් අට) පමණක් බවට ඇස්තමේන්තු පත් කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති.
දරුවෝ බලාගන්න කාන්තාව නිරුවත් කරලා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක්ට ඇප