බලපත්‍ර නැතුව මැණික් ගැරූ තරුණයා පොලිසියට කොටු
By Kanchana
මස්කෙළිය පොලිස් වසමේ බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී ඊයේ (30) දින බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු වයස අවුරුදු 24 ක් වන තරුණයෙකි .
ඔහු පදිංචිව සිට ඇත්තේ වනබ්‍රවුන්ස්වික් වත්ත, මස්කෙළිය ප්‍රදේශයේ වේ.
එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.
තවද ඒ ස්ථානයේ මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.