අමිල අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 05, 2023 02:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද(5) දින, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලූ බව කියන 'මල්වත්තේ අමිල' නමැත්තා ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී, සැකකරුවන් සන්තකයේ තිබී යින් මත්කුඩු ග්‍රෑම් 22 යි මිලිගෑම් 970ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිගෑම් 940ක් සහ කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ගෙන තිබෙනවා.

අමිල අත්අඩංගුවට..! | Malwatte Amila Arrested

අදාළ සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

ReeCha