සමාජ මාධ්‍ය කැළඹු රංජිත් කාදිනල් හිමිගේ දැඩි ප්‍රකාශය අස්සේ - ජෙරම් ගෙන් සීතල ප‍්‍රහාරයක්. - (VIDEO)

By Wayomi Dec 26, 2024 07:43 AM GMT
Report

තමන් තමන් කුඩා කාලයේදී තම මව තම නිවසේ බිමට දිදුලන බැබලීමක් ලබා ගැනීමට කාඩිනල් නම සහිත පොලිෂ් වර්ගයක් භාවිතා කළ බව දේවගැතිවරයකු බව කියන ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ තම කුඩා කල මතකයන් අතර තම මව බොහෝ නත්තල් සමයන්හි මෙම වෙළඳ නාමය ඇති කාඩිනල් වර්ගයෙන් ගෙදර බිම ඔපදමන බවයි.

එය බිමට ඉතා හොඳ බවත් බොහෝ දීප්තිය ගෙන දෙන බවත් පවසන ඔහු තමන් එවන් අවස්ථා වල මවගේ බිම මදිනය මතට නැගීමටද කටයුතු කර ඇති බවද කියා සිටිනවා.

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

ඔහු මෙම සටහන තබන්නේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් පසුගියදා පැවති උත්සවයකදී ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් නිකුත් කර ඇති පසුබිමකදීයි.

ජෙරම් ප්‍රනාන්දු දේවදිවරයෙක් නොවන බවත් ඔහු එම ඒ බව පවසමින් ජනතාව නොමග යවමින් සිටින බවත් අගරදගුරුතුමන් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම පුද්ගලයා තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව විශාල වංචාවකට සම්බන්ධ බවද පැවසූ අගරදගුරුතුමන් ඔහු ශ්‍රී ලංකාව තුළ ආගමික භේද ඇති කිරීමට උත්සාහ දරණ බවද කියා සිටියා.

රිලවුන් අල්ලා ලංකාවේ ජලාශ මැද දූපත්වලට අත්හරියි. - එම ජලාශ මෙන්න.

රිලවුන් අල්ලා ලංකාවේ ජලාශ මැද දූපත්වලට අත්හරියි. - එම ජලාශ මෙන්න.




Gallery