ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් කථානායක කළ ප්‍රකාශය..

By Sithumi Dec 29, 2022 04:58 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීමේ කටයුත්ත එකඟතාවයකින් තොරව කල් ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකගතාවයෙනි.

 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුක්ත වන අතර එහි සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි.  

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද(29) සාකච්ඡාවක් පැවති නමුත් එය එකඟතාවයකින් තොරව අවසන්වී තිබෙි.

 මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කළ යුතු වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීමෙන් අනතුරුවයි.