ලොහාන් එක්ක ඩෙගා නටන්න ගිය සුරූපී තරුණිය ගැන අලුත්ම හෙළිදරව්ව.(PHOTOS)
නැහැ නැහැ කිව්වට එයත් ගිහින්ලු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා ප්‍රතික්ෂේප කළද ඇය එම ස්ථානයට ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රකාශ කරයි.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් පෙරේදා (15 වැනිදා) ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ සමග බන්ධනාගාරයේ එල්ලුම් ගස් බැලීමට ගිය රූ රැජින පුෂ්පිකාද සිල්වා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රධාන පුවත්පතකට ඊයේ (16 වැනිදා) පවසා තිබේ.
රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය පිරිස අතර විවාහක රූ රැජින කිරුළ හිමි තැනැත්තියක්ද සිටි බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වීමත් සමග පුෂ්පිකා ද සිල්වා සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ‘‘මම එතැනට ගියේ නැහැ කියලා වගකීමෙක් කියනවා. ඔය කතා බොරු’’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ ඉකුත්දා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
අද දිනයේ රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දින වල ඇති වු සිද්ධින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් කෙරුණා.
ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින්.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැඩි විවේචන එල්ල වනවා.
කෙසේවෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ වාර්තා ලැබීමෙන් පසු ඒ පිළිබද දැනුවත් කරන බවයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් දෙදෙනෙකු දණගස්වා හිසට පිස්තෝලයක් තබා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තර්ජනය කර ඇති බවට ඉකුත්දා විවිධ වාර්තා පළ වුණා.
ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාරයට ද ගොස් එිහි සිටිවසිරකරුවන් පිරිසකට තර්ජනය කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.
මෙම සිද්ධීන් පාදක කර ගනිමින් ලොහාන් රත්වත්තේ දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඔහු පෙරේදා දිනයේදී ඉල්ලා අස් වුණා.
මෙවන් පසුබිමක අමාත්‍ය නාමල් රාජපක්ෂ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් මුණගැසී ඊයේ සාකච්ඡා කළා.
ඒ, ඔවුන් අමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් කර තිබූ ඉල්ලීමකට අනුවයි.
මේ අතර කවුරුත් සොයන ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගේ අපූරු ඡායාරූප පෙලක් මේ දින වල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
එම ඡායාරූප පෙළ පහතින්?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |