ගෑස් පෝලිම් අතර තුර ලිට්‍රෝ සමාගමත් දින කිහිපයකටම වැසේ..
gas
Litro gas
Litri
By Sithumi
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙරවලපිටිය මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු දින 5ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
අද දිනයේ සිට එළඹෙන 13 දින දක්වා මෙලෙස ගෑස් ගබඩා පර්යන්තය වසා තැබෙන බවයි එම සමාගම සඳහන් කළේ. ඒ අනුව එතෙක් ගෑෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් අතර කෙරෙන අතර යළි එහි කටයුතු ආරම්භ වන්නේ අප්‍රේල් 18 වනදා බවයි මෙම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එනමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් දිගු ඇස් පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.