සුරා සැලක් නිසා ගමක්ම රත් වෙලා.. ඒත් එක්කම මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..
කතරගම - දෙටගමුව ප්‍රදේශයේ විවෘත කර ඇති සුරා සැලකට එරෙහිව අද (14) විරෝධතාවක් පැවැත්විණ.
එම විරෝධතාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය හා සර්ව ආගමික පූජකවරුන් ඇතුලු පිරිසක් එක්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, විරෝධතාකරුවන් සඳහන් කළේ නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව නීති විරෝධි ලෙස මෙම සුරා සැල විවෘත කර ඇති බවයි.
මේ අතර, ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

රසම රස පළතුරු බීම කියලා.. මුත්‍රා මිශ්‍ර කරලා පාරිභෝගිකයන්ට දීලා.. මුත්‍රා කෑන් එකක්ම ජූස් බාර් එකේ ඇතුලේ..
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසීය.
මත්පැන් සිල්ලරට අලෙවි කරනු ලබන සියලුම ස්ථාන මෙලෙස 21 සහ 22 වසා තැබීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.