ජනප්‍රිය නිළියක් නිවසේදීම ඝාතනය කරයි - පෙම්වතා අත්අඩංගුවට
ඩිස්නි හි ජනප්‍රිය ‘The Lion King’ සංගීතමය වේදිකා නාට්‍යයේ ඉමානි ඩියා ස්මිත්පි හියකින් ඇන ඝාතනය කර ඇත.
ඒ නිව් ජර්සි හි එඩිසන් හි පිහිටි ඇයගේ නිවසේදීම බව සඳහන්.
ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා වන 35 හැවිරිදි ජෝර්දාන් ඩී. ජැක්සන්-ස්මෝල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හිටපු බ්‍රෝඩ්වේ ළමා නිළියක වන 25 හැවිරිදි ඇයට මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව වාර්තා වන්නේ නත්තල් උත්සවයට දින කිහිපයකට පෙර, එනම් ඉකුත් 21 දිනයි.
ඒ අනුව පෙම්වතාට එරෙහිව පළමු පෙළ මිනීමැරුම් චෝදනාව, දරුවෙකුගේ සුභසාධනය අනතුරේ හෙළීම, සහ නීතිවිරෝධී ලෙස අවි ආයුධ ළඟ තබා ගැනීම යන චෝදනා එල්ල වී තිබෙනවා.
ඇයගේ සිරුරේ පිහි ඇනුම් තුවාල තිබූ අතර, ඇයව බේරා ගැනීමට උත්සාහ කර ඇතත් නිව් බ්‍රන්ස්වික් හි රොබට් වුඩ් ජොන්සන් විශ්වවිද්‍යාල රෝහලේදී ඇය මියගිය බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එසේම ඇය මියයන විට 3 හැවිරිදි පුතෙකුගේ මවක්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ දෙමාපියන් වන මොනික් රේන්ස්-හෙල්පර් සහ රව්නි හෙල්පර් දැන් ඇයගේ දරුවා සහ පවුලේ අනෙක් දරුවන් දෙදෙනා රැකබලා ගැනීමේ වගකීම භාරගෙන ඇති බවයි.