අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

Report

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අද(18) දින සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙසේ මිල පහත දැමූ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසල් මඟින් අද (18) දින සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

පහත දැමූ අත්‍යාවශ්‍ය භාණ්ඩ පහත පරිදී වේ,

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

ලොකු කඩල කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 339ක් වන අතර ඉන් පාරිභෝගිකයන්ට රුපියල් පහක සහනයක් හිමි වේ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් හෙට සිට අලෙවි කරන්නේ රුපියල් 196ක මිලකට වන අතර එහි ඉතිරිය රුපියල් තුනකි.

පොන්නි සම්බා කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 229ක් වන අතර රුපියල් 6ක ඉතිරියක් පාරිභෝගිකයන්ට හිමිවන බව සඳහන්. එමෙන්ම රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් හෙට සිට රුපියල් 234කට අලෙවි කරයි.

ඉන් හිමිවන වාසිය රුපියල් 5කි. එමෙන්ම සම්බා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් ද රුපියල් 224කට මිලදී ගැනීමට හැකිවන අතර ඉන් රුපියල් 5ක ඉතිරියක් පාරිභෝගිකයන්ට හිමි වේ.

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

පාන් පිටි කිලෝග්‍රෑමයක් අලෙවි කරන්නේ රුපියල් 159කට වන අතර ඉන් රුපියල් 10ක ලාභයක් පාරිභෝගිකයන්ට හිමිවන බවයි සතොස ආයතනය සඳහන්.

මේ අතර දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 204කට අලෙවි කරන අතර එහි ඉතිරිය රුපියල් 5කි. සුදු සීනිවලින් පාරිභෝගිකයන්ට රුපියල් දෙකක වාසියක් හිමිවන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 217ක් වශයෙන්.

සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 235කට අලෙවි කරන අතර එහි ඉතිරිය රුපියල් 5ක් ලෙසයි සතොස ආයතනය සදහන් කරයි.

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවසන් - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවසන් - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්