අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ධන යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)
🔴 මේෂ ලග්නය
ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලීයි. ක්‍රියාකාරකම් බහුලයි. දුර ගමන් යෙදේ. තරමක් තම අරමුණු ජය ගනී. ණය ගනුදෙනුවක් සාර්ථක වෙයි. සතුරන් දමනය වන අතර අමතර ලාභ ලබයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රතු
🔴 වෘෂභ ලග්නය
තම පවුලේ අය වෙනුවෙන් වැයපස ක්‍රියා කිරීමට සිදුවේ. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වන ක්‍රියා යෙදේ. පොදු උත්සව, සමති සමාගම්වල යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ඇතිවෙයි. මුත්‍රා ආසාදන රෝග, අශ්මරි මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: සුදු
🔴 මිථුන ලග්නය
දවස ශුභවාදීව ගෙවේ. තම අරමුණු ජයගනී. සමාජ සද්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. ගද්‍ය - පද්‍ය රචනා තුළින් ජය ගැනීමට හැකිවේ. උගතුන්ගෙන් උපදෙස් උපකාර ද ලබයි. අමතර ලාභ ලබයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: කොළ
🔴 කටක ලග්නය
තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. රාජකාරිවලදී මතවාද පැනනඟී. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර අලුත් සැලසුම් ක්‍රියාත්මක කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ ලබයි. ශිරෝ රෝග, මුත්‍රා රෝග මතුවෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: රෝස
🔴 සිංහ ලග්නය
ක්‍රියාකාරකම් බහුල දිනකි. ප්‍රීති උත්සව, සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. දාන ශීලාදී ක්‍රියාවන්වල ද මුල් තැනදී ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවන ක්‍රියා යෙදේ. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි
🔴 කන්‍යා ලග්නය
කාර්යබහුල වෙයි. දහමට යොමු කරයි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි. පොදු සද්කාරක ක්‍රියාකාරකම්වල ද යෙදේ. සියලු ක්‍රියාවන්හි මූලිකත්වය ලැබ කටයුතුවල යෙදෙන දිනකි. අම්ල පිත්ත රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්
🔴 තුලා ලග්නය
දුර ගමන්, වන්දනා ගමන්වැනි දේවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. ආගමික උත්සවවල යෙදෙන අතර පොදු උත්සවලට සහභාගි වන්නට සිදුවේ. හදිසි ධන ලාභ ද ලබයි. බඩ, පපුව ආශ්‍රිත රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: අළු පැහැය
🔴 වෘශ්චික ලග්නය
ආධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝ මේ සඳහා යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රීති සාද උත්සව ද යෙදේ. අවිවේකී බව ගෙන දෙයි. වැයපස ඉහළ යන දිනකි. මුත්‍රා රෝග, හමේ රෝග සාදයි. ජය අංකය: 04 ශුභ වර්ණය: දුඹුරු
🔴 ධනු ලග්නය
අවිවේකී බව ගෙන දෙයි. කාර්යබහුලයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවේ. අමතර ලාභ ලබයි. සිරසගත රෝගාබාධ මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: කහ
🔴 මකර ලග්නය
තරමක් ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව උත්සවශ්‍රීය ආදියහි ක්‍රියාවේ යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. විනෝදාත්මක ක්‍රියාවන්හි යෙදේ. කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි. ජය අංකය: 08 ශුභ වර්ණය: තද දුඹුරු
🔴 කුම්භ ලග්නය
ක්‍රියාකාරි දිනකි. සමාජ සද්කාරක ක්‍රියා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නිවස උත්සවශ්‍රියාවක් මතු කරයි. වැයපස ඉහළ යයි. ආගමික පුද පූජාවල යෙදේ. වාතාධික රෝග, සන්ධි රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: නිල්
🔴 මීන ලග්නය
ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති සාද උත්සවවල යෙදේ. නවක මිතුදම් ඇති කරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: දම්
සතියේ ලග්න පලාඵල ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)