"ලග්න 08කට මල් 07යි.. බලන්නකෝ ලැබෙන දේවල්.. හැබැයි අනිත් ලග්න වලට මෙහෙමයි.. - ඔයාගෙ ලග්නයට අද කොහොමද කියලා දැනගෙනම දවස පටන් ගන්න.
මේෂ ?
අද එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත.
වෘෂභ ?
විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ඔබ විවාහක අයෙක් නම් හොදින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතුය.
මිථුන ?
අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.
කටක ?
ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.ඔබගේ මෘදු මොළොක් සිතුවිලි අතුරුදන්ව තද සිතක් ඇතිවීමටත්, වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත. විවාහක අයෙක් නම් හොදින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතුය.
සිංහ ?
ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.
කන්‍යා ?
ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත.
තුලා ?
අද ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද ඔබට අවස්ථාව සැළසේ.
වෘශ්චික ?
ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
ධනු ?
අද ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත.
මකර ?
අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.සිහි නුවණින් යුතුව කටයුතු කිරීමට සිතට ගත යුතුය.
කුම්භ ?
යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වෙයි.නමුත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.
මීන ?
ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ. නිරෝගී භාවය ඇති වේ.
