අල්ලස් දැලට කොටවූ කුරුණෑගල නි. නගරාධිපතිට පක්ෂ සාමාජිකත්වය නැතිවෙයි
By Kanchana
අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි. නගරාධිපති අෂාර්ඩීන් මොයිනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ ඔහු, එම නගර සභාවේ බලය පිහිටුවීමේදී සිය සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කර තිබේ.
ඉන් පසුව ඔහු එහි නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්විය.
කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව සදහන් වේ .
ඒ අනුව රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් කොමිසම විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන ඇත