ගොඩනැගිල්ලක 10වන මහලෙන් ඇදවැටී තරුණයෙකු මරුට

accident kollupitiya building malpaara rathmalana
By Sewvandhi May 05, 2021 03:46 AM GMT
Report

ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක් වන අතර එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු එම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ (04) සවස 5.30ට පමණ එම අනතුරු සිදුව තිබුණේ කොල්ලුපිටිය මල්පාර ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් තුළදීය. මියගිය පුද්ගලයා කොතලාවලපුර රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now