මෙරට ප්‍රදේශයක් හොල්ලමින් ගොඩනැගිල්ලක් තුළ හටගත් ප්‍රබල ගින්න.. ගිනි නිවන රථ 7ක් යොදවයි..

Report

කොල්ලුපිටිය හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ මධ්‍යම රාත්‍රී ඇතිවු ගින්නකින් දේපල රැසක් විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය පවසනවා

ගින්නක් සමගම ඉහළ මහලේ නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් එයින් පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර ගින්න සැල සැල වූ වහාම කොල්ලුපිටිය පොලිසිය මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දැනුම්වත් කර තිබූ අතර ගිනි නිවීමේ නිලධාරීන් 28 දෙනෙකු සමග ගිනි නිවීමේ රථ 7 ක් එම ස්ථානයට ළඟාවී ගින්න අවට පැතිරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

තෙමහල් ගොඩනැගිල්ලේ වහලයට මෙන්ම තවත් ගොඩනැගිලි දෙකක වහල වලට හා දේපළ රැසකට දැඩි අලාභාන සිදුවී තිබෙනවා ගින්නට හේතුව විදුලි පේනුවකින් නිකුත් වූ විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය සඳහන් කළෙ.

Sponsored By Sarrita Jewellery