යුද ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමට තමන් තවමත් සූදානම් නැහැ ට්‍රම්ප් කියයි
අමෙරිකාව විසින් ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේදී සිය උපදේශකවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
සිය ‘ටෲත් සෝෂල්’ ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තාවකාලික එකඟතාවයකට පැමිණ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර තිබේ.