රටම කැළඹූ කපිලගේ මරණයට හේතුව - ඉදිරි දින කිහිපය තුළ රසායනික පරීක්ෂණවලින් පසුව ලබාදීමට නියමිතයි

Report

මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත.

ඒ, මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීමේ අරමුණින්. අඳාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිත බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ ඊයේ (08) දින පෙරවරුවේදීයි.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු එම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇත.

ගෙදරම මැරිලා හිටපු කපිලගේ මරණය ගැන පොලිසිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්දගෙන් ප්‍රකාශ ගයි

ගෙදරම මැරිලා හිටපු කපිලගේ මරණය ගැන පොලිසිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්දගෙන් ප්‍රකාශ ගයි

එසේම චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කර ඇත.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (08) දින ලබාදුන් නියෝගයක් මතයි.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී අද (09) දින පෙරවරුවේ සිදු විය. පොලීසිය සඳහන් කළේ එහිදී ඔහුගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බවයි.

ඒ වෙනුවෙන් රජයේ රස පරීක්ෂකවරයා ද එක්ව ඇත. ඒ අනුව චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ රසායනික පරීක්ෂණවලින් පසුව ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ආකාරයට ඊයේ (08) දින මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදීයි.

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

ඉකුත් 2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා පසුගිය මැයි 05 වන දින අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමින්.

එහෙත් එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙනෙකු ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට නැවත වරෙන්තු නිකුත් කර සිටියා.

ඒ අනුව චන්ද්‍රෙස්න මහතා මියගොස් තිබුණේ එම වරෙන්තුව අනුව ඊයේ (08) දින ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදීයි.

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්