ගෙදරම මැරිලා හිටපු කපිලගේ මරණය ගැන පොලිසිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්දගෙන් ප්‍රකාශ ගයි

Report

ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බව වාර්තා වේ.

ඊට අමතරව අරවින්ද සිල්වා මහතාගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිපදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බව එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

අරවින්ද ද සිල්වා මහතා මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ ළඟම ඥාතියෙක් බව සඳහන්. ඊයේ(08) දින චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර සොයාගැනුණේද අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටියේ නිවසේ තිබියදීයි.

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණ පරීක්ෂණය සඳහා පස්දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් පත් කර ඇත.

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී කපිල චන්ද්‍රසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් තිබූ අතර, එම නඩුවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී දින තුනකට පෙර ඇප මත මුදාහැර තිබුණා.

වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර

වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර

එහෙත් ඇප ලබා ගැනීමේදී සිදු කළ බව කියන බරපතළ වංචාව හේතුවෙන් ඉකුත් (07) දින ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අධිකරණයේ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

එවන් පසුබිමක මිය ගොස් සිටියදී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර ඊයේ(08) දින උදෑසන සොයා ගෙන තිබුණා. 

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්