කළුවර වප් පොහොය විරෝධතාව ගැන ගත් අලුත්ම තීරණය

By Sewvandhi Oct 09, 2022 09:16 AM GMT
Report

විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව අද දිවයිනේ ආගමික ස්ථානවල ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ කළුවර වප් පොහොය විරෝධතාව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලබාදුන් පොරොන්දුව මත මෙම තීරණය ගත් බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ කියා සිටියේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now