ජොන්ස්ටන්ගේ නඩුවට දින දෙයි

Report

අභ්‍යන්තර වෙළඳ කටයුතු සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 4 දා විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සතොස මුල්‍ය ප්‍රධානි සාක්ෂි ලබා දුන්නා.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

සතොස හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රශ්නගත සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කළ බවයි මෙහිදී සාක්ෂිකාරිය කියා සිටියේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා. 

මෙන්න හදිසි නිවේදනයක්.... ශ්‍රී ලංකාවෙත් කොවිඩ් 19...අසල්වැසි ප්‍රභේදයක්.....

මෙන්න හදිසි නිවේදනයක්.... ශ්‍රී ලංකාවෙත් කොවිඩ් 19...අසල්වැසි ප්‍රභේදයක්.....