ජේතවනාරාමය බැකෝවලින් හාරයි... දෙස් විදෙස් සංචාරකයින් මවිත වේ..
By Sithumi
අනුරාධපුර ජේතවන පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හාරා පස් ඉවත් කරමින් රථ ගාලක් ඉදිකිරමින් පවතින බව වාර්තා වනවා.
මෙම විනාශය පිළිබඳව ප්‍රදේශවාසීන් මෙන් ම, දෙස්-විදෙස් සංචාරකයෝ ද දැඩි විමතිය හා කනස්සල්ල පළ කරනවා. ජේතවන ස්තූපය බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් විසින් ඉදිකරන ලද්දකි.
එය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් විරුදාවලි ලබා ඇති අතර ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය ලෙසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයක්.
කෙසේ වෙතත් අදාළ ස්ථානයේ රථ ගාලක් ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී ඇති බවට ද වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |