දේවගැති ජෙරම් හදිසියේම ඉන්ස්ටග්‍රෑම් ඇවිත් සටහනක් තියයි..

Sri Lanka Sri Lanka Social Media Instagram
By krishani May 17, 2023 08:52 AM GMT
krishani

krishani

Report

ඉරිදා දිනයේ යළි මව්බිමට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ය. 

පෙර යොදාගත් අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් තමන් දිවයිනෙන් බැහැරව ගිය අතර යළි ඉරිදා දිනයේ දි දිවයිනට පැමි‍ණෙන බව ඔහු එහිදි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එහිදී බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශවවලින් ඔහුට චෝදනා එල්ල විය.

ඉන් පසුව පාර්ශව කිහිපයක් දේවගැතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම දේවගැතිවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව හරහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

කෙසේවෙතත්, මෙවැනි පසුබිමක් තුළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවයිනෙන් පිටත් විය.

මේ අතර ඊයේ (16) දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join