යුද්ධය එපා සහ පලස්තීනය නිදහස් කරනු - වේදිකාව හෙල්ලූ සුපිරි නළුවෙක්
By Ashfa
හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය පිරිනැමීම සඳහා වේදිකාවට පැමිණි ප්‍රකට හොලිවුඩ් නළු ජාවියර් බාඩම් (Javier Bardem), "යුද්ධය එපා සහ පලස්තීනය නිදහස් කරනු" (No to war and free Palestine) යනුවෙන් පවසමින් සිය කතාව ආරම්භ කර ඇත.
ඊයේ (15) පැවති මෙම සම්මාන උළෙලට සහභාගී වූ අමුත්තන්ගෙන් ඔහුගේ එම ප්‍රකාශයට උණුසුම් ප්‍රතිචාරයක් සහ විශාල අත්පොළොන් හඬක් හිමි විය.
මීට අමතරව, බාඩම් එදින රාත්‍රියේ තමන් සැරසී සිටි ටක්සිඩෝ (Tuxedo) කබායේ ලාංඡන දෙකක් පැළඳ සිටි අතර, ඉන් එකක් "යුද්ධයට එපා" යනුවෙන් සඳහන් ලාංඡනයක් වූ අතර අනෙක පලස්තීනයට සහය පළ කෙරෙන ලාංඡනයක් පැළද සිටියේය.