මගේ අම්මා යාපනයේ කෙනෙක් - විජේගේ පුතා ජේසන් සංජේත් ලංකාවට ඇහැ දායි - ලංකාවේ තියෙන වැදගත් දේපළක් ගැන කට අරී
නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන විජේගේ පුත් ජේසන් සංජේ විසින් ඔහුගේ ශ්‍රී ලාංකික පවුල් මූලයන් සහ යාපනය සමඟ ඇති සම්බන්ධතාවය ගැන කතා කර තිබෙනවා.
ඒ අනුව සම්මුඛ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේසන් කියා ඇත්තේ තම මව උතුරු ශ්‍රී ලංකාවේ යාපනයේ සිට පැමිණි බවත් පසුව පවුල විදේශගත වීමට පෙර එහි හැදී වැඩුණු බවත්ය.
"මගේ අම්මා යාපනයේ කෙනෙක්, ඒ නිසා ඇය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ කෙනෙක්. ඇය එහි ඉපදී එහි හැදී වැඩුණා, පසුව ඔවුන් විදේශගතව පදිංචි වුණා,"
ඉරානය දෙදරයි - මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයක් මත වහාම රෝහල් ගත කෙරේ.. ඊශ්‍රායල මාධ්‍යයෙන් ලෝකෙටම හෙළිදරව්වක්
එමෙන්ම ජේසන් සඳහන් කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ඔහුගේ සීයාගේ දේපළවලින් එකක් ඔහුගේ පවුලේ අතීතයට වැදගත් සම්බන්ධයක් ලෙස පවතින බවයි.
ඊට අමතරව ඔහුගේ "සිග්මා" ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව රූගත කිරීමේ ස්ථානයක් වශයෙන් සලකා බැලූ බවත්, කණ්ඩායම ස්ථාන සොයා බැලීමට මෙරටට පැමිණි බවත් ඔහු හෙළි කර සිටි අතර කෙසේ වෙතත් එම සැලසුම් ක්‍රියාත්මක නොවුණු බවත් සඳහන් කර තිබුණා.
එහෙත් අනාගතයේදී ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහා දැක්වීමට බලාපොරොත්තු වන බවත් ජේසන් කියා ඇත.