2026 සඳහා සංචාරය කිරීමට හොඳම නගරවලට යාපනයත්

Report

2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර ලැයිස්තුවට ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් යාපනය නම් කර තිබේ.

ලෝන්ලි ප්ලැනට්  'Best in Travel 2026' ඉතාලි භාෂා සංස්කරණය 2025 ඔක්තෝබර් 22 වන දින මිලාන්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් එළි දක්වා තිබේ.

මෙම ජාත්‍යන්තර පිළිගැනීම ශ්‍රී ලංකාවට බොහෝ වැදගත් අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරන සංස්කෘතික උරුමය ලොවටම කියාපාන අවස්තාවකි.

එවගේම කලාපීය විවිධත්වය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව දරන උත්සාහය මෙමගින් ඉස්මතු වී ඇත.

අද භයානක සුළි කුණාටුවක් - සියලු දෙනාටම විශේෂ අනතුරු ඇඟවීමක්

අද භයානක සුළි කුණාටුවක් - සියලු දෙනාටම විශේෂ අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙම උත්සවයට සහභාගී වූ අතර, සංග්‍රහය සඳහා උතුරු පළාතට විශේෂ අයුරින් හැඳින්විය හැකි අවේණික කෑම වර්ග කිහිපයක්ද එක් කර තිබුණි.

මෙම විශේෂ පිළිගැනීම, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් දියුණු කිරීමට, සංචාරකයින්ගේ පැමිණීම් වැඩි දියුණු කිරීමට සහ ප්‍රජා පාදක සංචාරක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට බලවත් අලෙවිකරණ වේදිකාවක් නිර්මාණයට හේතුවක් වනු ඇත.   

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න