යුධ ගිනිදැල් මැද්දේ දින පහකට පසු ඊශ්‍රායලයෙන් සුබ පණිවිඩයක්

Report

විදෙස් වාර්තා පවසනආකාරයට ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර ඇත. එමෙන්ම පසුගිය දා ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය සෙනසුරාදා මෙම ගුවන්තොටුපළ වසා දැමූ අතර, එය දින 5කට පසු නැවත විවෘත වී ඇත.

ඒ අනුව විදේශ රටවල අතරමංව සිටි ඊශ්‍රායල වැසියන් රැගත් පළමු ගුවන්යානය, ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිට අද (05) උදෑසන බෙන් ගුරියොන් ගුවන්තොටුපළට ළඟා වී තිබේ.

ශ්‍රීලංකා ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් නැවතත් අවලංගුයි

ශ්‍රීලංකා ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් නැවතත් අවලංගුයි

ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලට පැමිණීමට නොහැකිව රැඳී සිටි විදේශ රටවල්වල ඊශ්‍රායල වැසියන් 100,000ක් පමණ නැවත රැගෙන ඒමට එරට ගුවන් සේවාවන්ගේ සහය ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

පවතින ආරක්ෂක තත්ත්වය සලකා බැලීමේදී, බෙන් ගුරියොන් ගුවන් සීමාව අදියර කිහිපයක් තුළ විවෘත කිරීමට බලධාරීන් තීරණය කළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මැදපෙරදිග යුධමය තත්වය හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන්වාර - අලුත්ම ආරංචිය මෙන්න

මැදපෙරදිග යුධමය තත්වය හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන්වාර - අලුත්ම ආරංචිය මෙන්න