මැදපෙරදිග යුද්ධය තවත් උණුසුම් කරමින් ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක්
By Kanchana
ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.
ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන්විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් සදහන් කරන්නේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ඉරානය වෙත එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් තිබෙන බවයි.
තවද ඉරානය වෙත ප්‍රහාර එල්ල වීම ආරම්භ වී මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මියගොස් ඇති අතර දරුවන් 214දෙනෙකු ද ඒ අතර වන බව වාර්තා වේ