දියාගෝ ගාර්ෂියා නාවික කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්?

Report

 චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියාගෝ ගාර්ෂියා කඳවුරට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බව වාර්තා වේ.

එය ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙයි. 

 කෙසේ නමුත් අමෙරිකානු සහ මහා බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පවතින මෙම හමුදා කඳවුරට ඉන් බලපෑමක් සිදුනොවූ බව අමෙරිකාව සදහන් කරයි.

 මෙම මිසයිල ප්‍රහාරයෙන් එකක් ගුවනේ දී විනාශ වී ඇති බවත්, අනෙක් මිසයිලයට අමෙරිකානු යුද නැවක් ප්‍රහාරයක් එල්ලකර ව්‍යර්ථ කළ බවත් සදහන් වේ කෙසේ නමුත් ධවල මන්දිරය මෙන්ම අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදුකළ විමසිම්වලදී ඊට පිළිතුරුදිමෙන් වැළකී ඇත.

දියාගෝ ගාර්ෂියා කඳවුරට ඉරානයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 3,800 සිට 5,200 (ඉරාන භූමියේ කිනම් හෝ ස්ථානක සිට) අතර දුරක් ඇත පසුගියදා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් 'අයිරිස් ඩේනා' යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ලකළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බවටද තොරතුරු වාර්තා විය.

  ශ්‍රී ලංකාවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 1,600 ( සැතපුම් 1,000)ක ආසන්න දුරක් එම දූපතට තිබේ ඉරානය ඩියාගෝ ගාර්ෂියා වෙත අතරමැදි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ නමුත් ඒවා ඉන්දියානු සාගරයේ එක්සත් ජනපද-එක්සත් රාජධානියේ හමුදා කඳවුරට පහර නොදුන් බව සිකුරාදා වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ, එක්සත් ජනපද නිලධාරීන් කිහිප දෙනෙකු උපුටා දක්වමිනි.

යුද්ධේ ඉවර කරන්න ට්‍රම්ප් සූදානම් ? - ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක්

යුද්ධේ ඉවර කරන්න ට්‍රම්ප් සූදානම් ? - ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක්

එක් මිසයිලයක් පියාසර කිරීමේදී අසාර්ථක වූ අතර, එක්සත් ජනපද යුද නෞකාවක් අනෙකට SM-3 අන්තර්ග්‍රහකයක් එල්ල කළ නමුත්, එම බාධා කිරීම සාර්ථක වූවාද යන්න තීරණය කළ නොහැකි බව පුවත්පත පැවසීය.

මිසයිල එල්ල කළේ කවදාද යන්න ජර්නලය නිශ්චිතව දක්වා නැත.  

ලෝකයම කළඹපු එප්ස්ටයින් ගැන සාරා ෆර්ගියුසන් නිහඬයි , සාක්ෂි දෙන්න බලපෑම්

ලෝකයම කළඹපු එප්ස්ටයින් ගැන සාරා ෆර්ගියුසන් නිහඬයි , සාක්ෂි දෙන්න බලපෑම්