යුද්ධේ ඉවර කරන්න ට්‍රම්ප් සූදානම් ? - ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක්

By Mithu Mar 21, 2026 02:00 AM GMT
Report

ඉරානයට එරෙහි යුද්ධයේදී තම ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් වන අතර, එහිදී හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.

තවද, Strait of Hormuz භාවිතා කරන අනෙකුත් රටවල් එය ආරක්ෂා කිරීමේ වගකීම වැඩි වශයෙන් භාරගත යුතු බවද අදාළ සටහනේ ඔහු අවධාරණය කර තිබේ.

අදදවසේ මෙහෙම කරොත් මුළු ජීවිතේම මල් පිපෙනවා - සුබ අසුබ ගෙනෙන අද ලග්න පලාපල

අදදවසේ මෙහෙම කරොත් මුළු ජීවිතේම මල් පිපෙනවා - සුබ අසුබ ගෙනෙන අද ලග්න පලාපල

මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් තවදුරටත් වර්ධනය විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව