ඉරානයෙන් ඊශ්‍රායලට තවත් දරුණු ප්‍රහාරයක්

By Mithu Jun 17, 2025 11:47 AM GMT
Report

ඉරාන ඊශ්‍රායල යුද්ධය මේ වන විටත් දරුණු තත්ත්වයකට හැරී තිබේ. ඒ අනුව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂාවක බලකාය විසින් ඊශ්‍රායලයේ බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් සදහා වූ ආයතනය වන මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් අනතුරුව මොසාඩ් මූලස්ථානයේ ගින්නක් හටගෙන ති‌බේ.

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ බස් රථ නැවතුම්පළකට එල්ල වූ ප්‍රහාරයක් බවට හුවා දක්වමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සිදුවූ බව යටපත් කිරීමට උත්සාහ දැරුවත්, ඉරාන මිසයිල ප්‍රහාරය මඟින් මොසාඩ් මූලස්ථානය සෘජුවම ඉලක්ක කරගෙන ඇති බවයි. ඊශ්‍රායලයේ මධ්‍යම වෙරළබඩ නගරයක් වන හරිස්ලියා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණි.

ජෙරුසලමේ පිපිරීම් ලොවම ගිනි ජාලාවකට මැදිවේ

ජෙරුසලමේ පිපිරීම් ලොවම ගිනි ජාලාවකට මැදිවේ