වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

Donald Trump Nuclear Weapons Sinhala news Iran-Israel War Ayatollah Ali Khamenei
By Ashfa Jun 23, 2025 04:31 AM GMT
Ashfa

Ashfa

Report

අමෙරිකාව විසින් ඉරාන න්‍යෂ්ටික බලාගාර 3කට එල්ල කළ ප්‍රහාරවලින් පසු, ඉරානයේ ප්‍රධාන නායක අයතොල්ලා අලි ඛමෙනි මහතා තම නායකත්වය කෙරෙහි මේ දක්වා වූ දැවැන්තම අභියෝගය හමුවේ සිටින බව විශ්ලේෂකයෙකු කියා සිටියි.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

"ඔහු දැන් භූගත බංකරයක සිටිනවා. වයස අවුරුදු 86යි. ශාරීරික හා මානසික ශක්තිය සීමා වී තිබෙනවා. ඔහුගේ සිටි ඉහළ රණවිරු නායකයන් බොහෝදෙනෙක් දැනටමත් ඝාතනය කරලා. ඔහුට තමන්ගේ ගුවන් අවකාශය පවා පාලනය කරන්න බැහැ. එය පාලනය වෙන්නේ ඊශ්‍රාලයෙන් ," යැයි Carnegie Endowment for International Peace ආයතනයේ කරිම් සද්ජාද්පූර් පැවසීය.

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

"ඔහුට මේ යුද්ධයෙන් පලායාමකට උපක්‍රමයක් නැහැ. ඔහුට මෙය ජයගත හැකියාවක් නැහැ. යුධ බලයකින්, මුල්‍යයෙන් සහ තාක්ෂණයෙන් ඔහු පරාජය වී සිටිනවා," යැයිද ඔහු පෙන්වා දෙයි.

මෙවන් පසුබිමකදී, ඛමෙනි මෙතෙක් මේ ප්‍රහාර සම්බන්ධයෙන් පොදු ජනතාවට ප්‍රකාශයක් කර නැත. කෙසේ වුවද, පසුගිය සතියේදී ජාතික ප්‍රකාශයකදී ඔහු පැවසුවේ, "ඉරානය කිසිසේත් අත්හැරෙන්නෑ. ඕනෑම ඇමරිකානු හමුදා ඇතුළු වීමකට කළ නොහැකි හානි සිදු කරාවි" යනුවෙනි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

ඇමරිකාව ප‍්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථාන තුනෙන් එකකට එරෙහිව එම රටේ බලවත්ම බෝම්බ නොමැතිව ප‍්‍රහාරය සිදු කළ බවයි, එය බෙහෙවින් විනාශ වී තිබේදැයි සැකයක් ඇති කරයි.

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

එමෙන්ම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social හි ලිපියක් හරහා කියා සිටියේ, "අපගේ ප්‍රහාරවලින් න්‍යෂ්ටික ස්ථාන වලට විශාල හානි සිදු වුණා. එය satellite රූපවලින් පෙන්නුම් වෙනවා.

'Obliteration' (සම්පුර්ණ විනාශය) කියන වචනයක් මෙයට සුදුසුමයි," යැයිය. තවද ඔහු පවසා සිටියේ ඛමෙනි මරා දමන ඊශ්‍රාලයෙ සැලැස්මක් පසුගිය සතියේ තමන් ප්‍රතික්ෂේප කළ බවත්, ඛමෙනි "ආරක්ෂාවකින් තොර ඉලක්කයක්" බවත්ය.

අයතොල්ලා ඛමෙනි 1979 වසරේදී ඇමරිකානු සහාය සහිත රාජාධිරාජයා පන්නා දැමූ ඉස්ලාමීය විප්ලවයෙන් වසර දහයකින් පසු අධිකාරියට පැමිණි අතර, වසර 35කට වැඩි කාලයක් තිස්සේ ඉහළම තනතුර දැරුවේය.

අවසානයේ කීමට ඇත්තේ වයස 86ක් වුවද සිංහයෙක් මෙන් තම රට වෙනුවෙන් හා පීඩාවට පත්වන අහිංසක ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින එඩිතර විරෝධාර විරුවෙක් ලෙස ඉරානයේ ප්‍රධාන නායක අයතොල්ලා අලි ඛමෙනි මහතා ඉතිහාස ගත වී අවසානය.          

ReeCha