දියේගෝ ගාසියා කඳවුරට එල්ල කළේ බැලස්ටික් මිසයිල 02ක් ඉරානය කියයි

Report

 මැද පෙරදිග යුද උණුසුම තීව්‍ර කරමින් චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියේගෝ ගාසියා කඳවුරට ඉරානය එල්ල කළේ, බැලස්ටික් මිසයිල 02ක් බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන 'මෙහර්' අද (21) තහවුරු කර තිබේ .

එම ප්‍රවෘත්ති ඒජන්සිය තව දුරටත් ප්‍රකාශ කළේ "සැලකිය යුතු ප්‍රහාරයක්...මින් අදහස් කරන්නේ ඉරානයේ මිසයිලවල පරාසය සතුරා කලින් සිතූ ප්‍රමාණයට වඩා වැඩි බව" යනුවෙනි.

දියාගෝ ගාර්ෂියා නාවික කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්?

දියාගෝ ගාර්ෂියා නාවික කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්?

  ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි මෙම දියේගෝ ගාසියා කඳවුර සලකනු ලබයි.

අමෙරිකාව තහවුරු කර තිබුණේ මෙම කඳවුරට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බවත්, එය ඉන් තම කඳවුරුවලට හානියක් නොවූ බවයි ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් 'අයිරිස් ඩෙනා' යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ලකළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බවටද තොරතුරු වාර්තා වී තිබුණි .