''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්
ඉරාන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට පැය 24ක් තුළ සිය රටෙන් ඉවත්වන ලෙස සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත මීට හේතුව වන්නේ තම භූමියට ඉරානය විසින් එල්ල කරන ලද නිරන්තර ප්‍රහාර බව සෞදි අරාබි රාජ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය විසින් ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සත්කාරකත්වය සපයන සෞදි අරාබිය සහ එහි ගල්ෆ් අසල්වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබුණි.
එහිදී සිවිල් මධ්‍යස්ථාන සහ අනෙකුත් යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවීමත් සමග කලාපය පුරා අවුල් සහගත තත්ත්වයන් මතු කරමින් ගෝලීය බලශක්ති වෙළඳපොළවල් වෙතද බලපෑම් එල්ල කර ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුද කැළඹෙයි - යාත්‍රා කරමින් තිබූ නෞකාවක් අසල විශාල පිපිරීමක්
එම වාර්තා පෙන්වා දෙයි තවද ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් සංචිත හිමි සෞදි අරාබි රාජ්‍ය වෙත, යුද්ධය ආරම්භයේ සිට ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් එල්ලව තිබුණි .
එහෙයින් ඉරානය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බවත්, තම රටට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය තහවුරු කරන බවත් සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.