ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට අවසර?
ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත.
කියෝඩෝ පුවත් සේවය වාර්තා කරන්නේ, පනවා ඇති අවහිරතා තාවකාලිකව ඉවත් කර ගැනීමේ අරමුණින් ඉරානය සහ ජපානය අතර සාකච්ඡා පැවැත්වී ඇති බවයි.
[
“අවහිරතා ඉවත් කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය ඉරානය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම”
බව අරග්චිගේ ප්රකාශයන්ට ප්‍රතිචාර ලෙස ජපාන රජයේ නියෝජිතයෙකු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, මෙම අවසරය ලබාගැනීමේදී එක්සත් ජනපදය කුපිත නොවන ලෙස උපරිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ජපාන රජයේ නියෝජිතයන් අවධාරණය කරයි.
එමෙන්ම, ජපන් නෞකාවලට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර ලැබුණද, එය පවතින ගෝලීය බලශක්ති අර්බුදයට සම්පූර්ණ විසඳුමක් නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.