විදුලිබල ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් - ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි විදුලිබල ඇමති කි‍යයි

Report

 විදු­ලි­බල ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය අව­සන් බවත් වෘත්තීය සමිති යථා­ර්ථය තේරුම් ගැනීම ගැන සතුටු වන බවත් බල­ශක්ති අමාත්‍ය ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා සදහන් කර තිබේ .

බල­ශක්ති අමාත්‍ය ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා ඊයේ (11) දින විදුලි බල ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙළ, සේවක අයි­ති­වා­සි­කම් සුරැ­කීම, සම­හර වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියා­මාර්ග අත්හි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත .

බල­ශක්ති අමාත්‍ය ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා තවදුරටත් සදහන් කළේ ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යට අනුව මෙරට විදු­ලි­බල ක්ෂේත්‍රයේ දියු­ණුව වෙනු­වෙන් ආරම්භ කළ විදු­ලි­බල ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙළ සාර්ථ­කව අව­සන් කර ඇති බවත්, ඒ යටතේ පූර්ණ රාජ්‍ය හිමි­කා­රි­ත්වය සහිත නව ආය­ත­න­වල ක්‍රියා­කා­රි­ත්වය මේ වන විට ආරම්භ කර තිබෙන බවයි

මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න

මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න

මෙම සමස්ත ක්‍රියා­ව­ලිය පුරාම සේවක අයි­ති­වා­සි­කම් සහ වර­ප්‍ර­සාද සුරැ­කී­මට රජය කට­යුතු කළ බව පෙන්වා දුන් අමා­ත්‍ය­ව­රයා, සේවක දුක්ගැ­න­වි­ලි­ව­ලට සවන් දෙමින් වෘත්තීය සමිති සමඟ   නිර­න්තර සාකච්ඡා පව­ත්වා­ගෙන ගිය බවද සඳ­හන් කළේය.

 විදු­ලි­බල මණ්ඩ­ලය අහෝසි කර නව ආය­තන පිහි­ටු­වී­මෙන් පසුව පම­ණක් ඉටු­කළ හැකි ඉල්ලීම් පවා, ඒවා ඉල්ලී­ම­ටත් පෙර ඉටු­කි­රී­මට රජය පොරොන්දු වී තිබූ   බව  බල­ශක්ති අමාත්‍ය ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා තවදුරටත් සදහන් කර තිබේ