බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතුව හෙළි වෙයි.
Sri Lanka Police
Ministry of Health Sri Lanka
By Wayomi
බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත වීම ඉහළ යාම හේතුවෙන් මේ තත්වය මතුව ඇති බවයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කියා සිටියේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන්ගේ ප්‍රතිශක්තීකරණය අඩු වීම හේතුවෙන් ඔවුන්ට බෝ වන රෝග වැළඳීම ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙන අතර මේ ම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළා.
Sponsored By Sarrita Jewellery
