මව වෙනුවෙන් රැගෙන ගිය ඔක්සිජන් සිලින්ඩරය උදුරාගත් පොලිස් නිලධාරියා හමුවේ වැද වැටුනු තරුණයා

covid19 indians police officer oxygen agra
By Sewvandhi Apr 30, 2021 12:44 PM GMT
Report

ඉන්දියාවේ, ඔක්සිජන් සිලින්ඩරයක් බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකුට විරුද්ධව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අග්‍රා ප්‍රදේශයේ, කොරෝනා ආසාදිත සිය මව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් ඇයට ලබාදීමට ඔක්සිජන් සිලින්ඩරයක් රැගෙන ගොස් ඇති බවත්, එය පොලිස් නිලධාරීන් විසින් උදුරාගෙන ඇති බවත්, සඳහන්.

එහිදී සිලින්ඩරය ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් දණින් වැටෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

අදාළ තරුණයාගේ මව රෝහල් ගත කිරීමෙන් අනතුරුව පැය දෙකක් ඇතුළත ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ ඥාතීන්ගේ චෝදනා කරන්නේ, එම සිලන්ඩරය පොලිස් නිලධාරීන් විසින් ධනවත් අයෙකුට ලබා දුන් බවයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now