ජනපති අනුර ඉන්දියාවට ගියා විතරයි. - අඩුම වියදමකින්.. - පැකේජ සමඟ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට යන යාත්‍රා සේවාව යළි ඇරඹෙයි. - වැඩි විස්තර මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Government Of India India
By Wayomi Dec 16, 2024 01:20 PM GMT
Wayomi

Wayomi

Report

යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවා ලබන ජනවාරි මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම සේවාව නොවැම්බර් 07 වැනිදා අත්හිටුවනු ලැබුවා.

‘සුබම්’ බෝට්ටු සේවයේ ආයෝජක පොන්නුසාමි සුන්දර්රාජ් මාධ්‍ය වෙත දන්වා සිටියේ මගීන්ට විවිධ පහසුකම් සලසමින් මෙම සේවාව සතියේ දින 6ක් ක්‍රියාත්මක කරන බවයි.

“නොවැම්බර් 19 වැනි දින නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබූ නමුත් නොවැම්බර් 23 වැනි දින බෙංගාල බොක්කෙහි ඇති වූ පීඩන අවපාතය හේතුවෙන් මගී ප්‍රවාහන බෝට්ටු සේවය නැවත ආරම්භ කිරීම කල් දැමුවා,”

එක් පසකට පමණක් ගමන් කිරීමේ ගාස්තුව ඉන්දීය රුපියල් 9,700ක් ලෙස සකසා ඇති අතර සීමාව ඉක්මවන ගමන් මලු සඳහා අමතර ගාස්තුවක් සමඟ මගීන්ට උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 10ක ගමන් මලු සඳහා අවසර දෙනු ලැබේ.

රන් මිලෙහි සීග්‍ර පහළ යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි සීග්‍ර පහළ යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

මෙම සේවාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ඇති අතර ගමන ආරම්භ කිරීමට පෙර ගමන් මලු තහවුරු කළ යුතු බව සුන්දර්රාජ් අවධාරණය කරනවා.

එමෙන්ම යාත්‍රා සේවය මගින් ඉතාලි කෑම වර්ග, උදේ ආහාරය සඳහා පොංගල් සහ දිවා ආහාරය සඳහා එළවළු බුරියානි ඇතුළු භෝජන සංග්‍රහයක් ලබා දෙනු ඇති කිරි තේ, එළකිරිවලින් සාදන ලද කෝපි සහ සිසිල් බීම වැනි පාන වර්ග ද ලබා ගත හැකිය.

මීට අමතරව, යාත්‍රාව සඳහා තීරුබදු රහිත සාප්පුවක් ද සැලසුම් කර ඇති අතර බෝට්ටු සේවාව සෘජුවම ‘Subam’ ආයතනය විසින් කළමනාකරණය කරනු ලබන බැවින්, sailsubham.com නම් විශේෂිත වෙබ් අඩවියක් ද දියත් කර ඇත.

එමගින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම් සහ ගමන් සැලසුම් පිළිබඳ තොරතුරු සපයන අතරම මගීන්ට එහිදී භාෂා තුනෙන්ම තොරතුරු ලබා ගත හැකියි.

මෙම යාත්‍රා සමාගම ඉන්දීය රුපියල් 15,000ක අමතර පිරිවැයක් යටතේ රාත්‍රී දෙකක් සහ දින තුනක් සඳහා නවාතැන් පැකේජ ද පිරිනමයි.

මෙරට සිවිල් සේවකයන් රැසකට ඉන්දියාවේ පුහුණුව. - විශ්වවිද්‍යාලවල සිසුන්ටත් මාසික ශිෂ්‍යත්වයක්.

මෙරට සිවිල් සේවකයන් රැසකට ඉන්දියාවේ පුහුණුව. - විශ්වවිද්‍යාලවල සිසුන්ටත් මාසික ශිෂ්‍යත්වයක්.



You May Like This Video

 

ReeCha