කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

R M Ranjith Madduma Bandara Samagi Jana Balawegaya Sinhala news Local government election Sri Lanka 2025
By Mithu May 07, 2025 10:54 AM GMT
Mithu

Mithu

Report

 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මෙරට විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

මහ මැතිවරණයේ 17% ක් ලෙස තිබුණු සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මෙවර 22% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, විපක්ෂයේ සියළු පක්ෂ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන ඇති බවත්, ඒ අනුව මහ මැතිවරණයේදී තිබුණු ජනවරම මේ මැතිවරණයේදී අහෝසි වී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ඉදිරියේදී පළාත් පාලන ආයතන පිහිටුවීමේදී විපක්ෂයේ සියළු කණ්ඩායම් එක්වී ආයතන විශාල ප්‍රමාණයක බලය පිහිටුවන බවද මහ ලේකම්වරයා සඳහන් කර සිටියා.

කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂය ඒකාබද්ධව 60%ක පමණ ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවත්, සියළු දෙනා එක්වී, සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග, කොළඹ මහ නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ReeCha